අද සිට විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2% කින් විදුලි ගාස්තු පහළ දමන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති ගෘහස්ථ කාණ්ඩයට 65% කින් ගාස්තු පහළ යන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා ත්, ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා ත් පහළ යනු ඇති.

මාසික ගාස්තු රුපියල් 650 සිට 300 දක්වා අඩු කෙරෙන අතර ඒකක 91ත් 120ත් කාණ්ඩය සදහා ඒකකය රුපියල් 42 සිට රුපියල් 35 දක්වා අඩු කෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

අනිවාර්ය මාසික ගාස්තුව රුපියල් 1500 සිට 1000 පහළ දැමීමට ද තීරණය කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button