GOSSIP

පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියූ සජබ මන්ත්‍රීවරුන්ගෙන් කැන්ටිම පිරීයයි

පාර්ලිමේන්තුව වර්ජනය කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ආපන ශාලාවට පැමිණ ආහාර ගනිමින් සිටින බව පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකරමින් සිටින්නේ ජාත්‍යන්තරයට වුවත් නිර්මාණය කිරීමක් පමණක් බවයි.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවක් නැතැයි කියමින් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව පැවසූ ඔවුන් ආපනශාලාවේ සිටින්නේ එහි ආරක්ෂාව ඇති නිසා දැයි ඔහු ප්‍රශ්න කළේය.