GOSSIP

පාතාල නායකයෙකු හා පෙමින් වෙලුණු ජැකලින්ට රටින් පිටවීම තහනම් කෙරේ

පාතාල සාමාජික සුකේෂ් චන්ද්‍රසේකර් සමඟ ඇති සම්බන්ධය හේතුවෙන් ජැකලින් ෆර්නැන්ඩස් හට රටින් සහ ඉන්දීය ගුවන් තොටුපළෙන් පිටවීම තහනම් කර තිබෙනවා. ඇය ඔහු සමඟ චෙන්නායි හෝටලයේ කාලය ගත කර ඇති අතර ජැකලින් වෙනුවෙන් මෙම පාතාල සාමාජිකයා කෝටි 10ක තෑගි වියදම් කර ඇති බව පුවත් වාර්තා කරයි. ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු සහ පර්සියානු බළලුන් 4ක් ලක්ෂ 36වටිනාකම ඇති බව ඇතුළත් වේ.

ජැකලින් වෙත යවන ලද තෑගි භාණ්ඩ, ස්වර්ණාභරණ, පිඟන් භාණ්ඩ සහ පර්සියානු බළලුන් හතරක් – ඉන් එකක් රුපියල් ලක්ෂ 9 ක් – සහ රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු ගැන චෝදනා පත්‍රයේ සඳහන් විය. වාර්තා වන පරිදි, ජැකලින් තිහාර් බන්ධනාගාරයේ සිටියදී සුකේෂ් සමඟ දුරකථනයෙන් ද කතා කර ඇති වාර්තා ලබා ෙගන ඇති අතර ඔහුට ඇප ලැබීමෙන් පසු ඔහු ජැකලින් පෞද්ගලික ගුවන් යානයකින් චෙන්නායි වෙත පියාසර කළ අතර දෙදෙනාම නගරයේ හෝටලයක නවාතැන් ගත් බව සදහන් වේ. චෝදනා පත්‍රයට අනුව ඔහු ඇප ලැබීමෙන් පසු ගුවන් ගමන් සඳහා කෝටි 8ක් ද චන්ද්‍රසේකර් ජැකලින්ගේ ඥාතීන්ට ද විශාල මුදලක් යවා ඇති බව වාර්තා වේ.