NEWS

කොරෝනා වලින් රටම ගැලවුනේ බැසිල් නිසා

මෙරටට ඩොලර් අර්බුදය කොතරම් බලපා තිබුණද අවශ්‍ය මොහොතට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා උවමනා කරන ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්පාදනය කරන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.

මෙරට සිටින්නේ ඉතාම දක්‍ෂ සුදල් ඇමතිවරයෙක් බවත් කොරෝනා වසංගතය මොහොතේ බැසිල් රාජපක්ෂ මහතා නොහිටින්න මේ රට විශාල අමාරු වැටෙන බවද ඔහු පැවසීය.

‘බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්නකං අපි ඩොලර්වලට බය නෑ. මොනවටවත් බය නෑ’ යනුවෙන්ද ඔහු කියා සිටියේ උත්සව අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.