ARTICLES

ඩයලොග් බලගන්වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහා තරග දෙසැම්බර් 05 වෙනිදා

දහවල් 1.00 සිට සජීවීව චැනල් අයි සහ  Papare ඔස්සේ

 

මෙරට වොලිබෝල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තරගාවලියක් වන ඩයලොග්  විසින් බලගන්වන 2020 ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරග දෙසැම්බර් 05 වෙනිදා . 1 සිට . 6.30 දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ

සෞඛ්‍ය අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව මෙම අවසන් මහා තරගය පැවැත්වෙන අතර, සඳහා ගරු වරාය හා නාවික අමාත් රෝහිත අබේගුණවර්ධන මැතිතුමා, තරුණ හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම් අනුරාධ විජයකෝන් මහතා සහ ශ්රී ලංකා වොලිබෝල් සංගමයේ සභාපති කාංචන ජයරත්න මහතා ප්රධාන ආරාධිතයන් ලෙස සහභාගීවීමට නියමිතයි.

මේ අනුව ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් කාන්තා අවසාන මහා තරගය ගලිගමුව හයිඩ්රමානි සහ කොස්වාඩිය විජය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, සැවොම උණුසුම් තරගයක් බලාපොරොත්තු වන පිරිමි අවසන් මහා තරගය නාත්තන්ඩිය යුනයිටඩ් කණ්ඩායම සහ දෙබෑගම රන්තරු කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි

ඩයලොග් විසින් බලගන්වන ජනාධිපති රන් කුසලාන තරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම වොලිබෝල් ක්රීඩා තරගාවලිය වන අතර, කණ්ඩායම් 2,500 ක් සහ ක්රීඩකයින් 40,000 කට වැඩි සංඛ්යාවක් මෙවර තරගාවලිය සඳහා සහභාගි විය. කොවිඩ්-19 වංසගතය පැතිරීම වැළැක්වීම සඳහා රජය විසින් ගනු ලැබූ සමාජ දුරස්ථභාවය පිළිබඳ නියාමනවල ප්රතිඵලයක් වශයෙන් සහ ක්රීඩකයන්ගේත් ප්රේක්ෂකයන්ගේත් සෞඛ් හා ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වෙමින් ඩයලොග් ජනාධිපති රන් කුසලාන අවසන් මහා තරග වත්මන් දිනට කල්දැමීමට පියවර ගන්නා ලදී.

2019 වසරේ අවසන් මහා තරගයේදී සියනෑ තරු  කණ්ඩායම පිරිමි ශූරතාවයත්, කැෂුවල් කණ්ඩායම කාන්තා ශූරතාවයත් දිනා ගනු ලැබීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී ජාතික ක්රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම්හි නිල අනුග්රාහකයා ලෙසද කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කණිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු තරගාවලි, රග්බි සමාජ, ප්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසැල් ක්‍රිකට් හා පාසල් රග්බි තරග, යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ඔලිම්පික් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පැරා කණ්ඩායම සහ ලෝක පැරාලිම්පික් තරගාවලිය බලගැන්වීමට කටයුතු කර ඇත.