NEWS

පාකිස්තානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සුරක්ෂිත කර දෙන්න – ජනපති ඉල්ලයි

පාකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් පළ කොට තිබෙනවා.

එතුමා ප්‍රකාශ කර සිටින්නේ මෙම සිදුවීමට අදාළව නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බවට පාකිස්තාන රජය කෙරෙහි ලංකා රජයේ විශ්වාසය පවතින බවයි. එමෙන්ම එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගේ සුරක්ෂිතභාවය තහවුරු කර දෙන ලෙසද ඔහු පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.