ශ්‍රී ලංකාවට සුපිරි ජයක්! – අයර්ලන්තය ඉවතට

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැති තරඟයේ ලකුණු 133 කින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ Super six වටයට සුදුසුකම් ලබමින්.

දිමුත් කරුණාරත්න ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස ලබාගත් ශතකයත් සමඟ ලකුණු 325 සීමාවකට ළඟාවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට වනිඳු හසරංගගේ උ⁣ද්වේගකර පන්දු යැවීම හමුවේ සිය පිතිකරණ බලඇණියෙන් හරි අඩක් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සිදු වුණා.

ඒ, ලකුණු 192 කට සියලු දෙනා දැවී යාමත් සමඟයි. ඒ අනුව, මෙම පරාජයත් සමඟ අයර්ලන්තය 2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ සහභාගීත්වයෙන්ද ඉවතට විසි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button