ARTICLES

බිස්නස් එක කඩාගෙන වැටෙද්දී තනියට ළඟ හිටියේ බිරිඳ විතරයි

රටක් වෙනුවෙන් තම ව්‍යාපාරය මෙහෙයවූ විශිෂ්ටයෙක් , ශ්‍රී ලංකා බරවාහන ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන WSR හී නිර්මාතෘ දේශමාන්‍ය සුනිල් ප්‍රනාන්දු මහතාගේ සාර්ථකත්වයේ ගමන් මගයි මේ .

” මේ වන විට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය බර වාහන සැපයීම, ඒ සඳහා පුහුණු ශ්‍රමය සැපයීම අපි කරනවා .අපි ක්ෂේත්‍රයක් තුළ හරියට වැඩ කරනවා නම් නොදැනුවත්වම ඒ තුළ අපි දැවැන්තයෙක් වෙනවා”

මේ ඔහුගේ ව්‍යාපාර ගමන් මඟ පිළිබඳ ඔහු දරන අදහසයි . 1995 සැප්තැම්බර් 11 වන දින ඔහු තවත් දෙදෙනෙක් සමග ව්‍යාපාරයක් ආරම්භ කරනවා .ඒ ප්‍රවාහන, ඉදිකිරීම් හා පරිගණක කොටස් සැපයීමයි.

” ආරම්භයේම අපේ ව්‍යාපාරය කඩාගෙන වැටුනා .සියලු දේ නැති වුණා .ඉතුරු වුනේ පාපැදියක් විතරයි. ආදරණීය බිරිඳ පමණයි ළඟ හිටියේ. ඊට පස්සේ මම දෙවැනි පියවර තිබ්බා ”

දරුණු යුද සමයේ දී වරායේ BQ3 , BQ4 දී ගුදම් වල තිබුණු අවි ආයුධ අවශ්‍ය ස්ථානවලට ප්‍රවාහනය කිරීම ඔහු සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම කළ සේවාවක් .

” 2006 දී අනුරාධපුරෙන් එහාට සැපයුම්කරුවන් කවුරුත් ගියේ නැහැ. දරුණු යුද කාලයක් . අපි ඒක බාරගත්තා. මාවිල්ලාරු සොරොව්ව මුදාගැනීමේ මෙහෙයුම ට අවශ්‍ය අවි ආයුධ බෙදාහැරීම කලේ අපේ සමාගමයි ”

ඔහු හුදෙක් ව්‍යාපාරිකයෙක් පමණක් නොවේ .රටට අවශ්‍යම මොහොතේ දී රට වෙනුවෙන් නිහඬව සේවයක් කළ දේශප්‍රේමියෙක් .

“කුමන බාධක පැමිණියත් කළ නොහැක්කක් නොමැත ” යන්න ආදර්ශ පාඨය කර ගත් සුනිල් මහතා තම සේවකයන්ට දරුවන්ට මෙන් සලකන උතුම් මිනිසෙක් .

” මගේ දෙවන පියවර පටන් ගන්නකොට මට මුදල් තිබ්බෙ නැහැ. මට උදව් කළේ සුහද හදක් ඇති දේශීය බැංකුව. ඒ තමයි සෙලාන් බැංකුව. ගල්කිස්ස ශාඛාව කියන්නේ මගේ ගෙදර වගේ. අවුරුදු 25 ම මම ගනුදෙනු කළේ සෙලාන් බැංකුව එක්ක විතරයි. හැමදාම මම සෙලාන් බැංකුවට ණය ගැතියි ”

සාමාන්‍ය මිනිසෙකුට දැවැන්ත ව්‍යාපාරිකයෙකු වීම පහසු නැහැ. මේ ගමන එන්නට සහාය දුන් අය ගැන ඔහුගේ සිතේ ඇත්තේ ඉමහත් ගෞරවයක් .

කුඩා දෙයක් වුණත් ප්‍රතිලාභ නොබලා නිවැරදිව කිරීමෙන් පසු කාලීනව ඔබට හිමි ප්‍රතිලාභ ලැබෙන බව ඔහු නවක ව්‍යාපාරිකයන්ට ලබා දෙන පණිවිඩයයි .