ARTICLES

මම රුපියල් 10 ක් හම්බ කරත් සාධාරණවයි ඒක හොයන්නේ

රටක ආර්ථිකය රැඳිලා තියෙන්නෙ ව්‍යාපාර මතයි. ඒත් ව්‍යාපාරයක් ආරම්භ කරලා ,ව්‍යාපාරය පවත්වාගෙන ගිහිල්ලා ඒක ගොඩදාගන්න එක ඒ තරම්ම ලේසි නැහැ .මේ එවැනි සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ කතාවයි.

රෙදිපිළි කියන්නේ අපිට එදිනෙදා ජීවිතයේ නැතිවම බැරි දේවල් වලින් එකක්. ඉහළ ගුණත්වයෙන් යුතු රෙදිපිළි තොග වෙළඳාමේ ප්‍රමුඛයෙක් වන crown ආයතනයේ අධිපති s. krisnamurthi මහතා වසර 35 ක් පැරණි කීර්තිමත් සන්නාමයක හිමිකරුවෙක්.

” මිනිස්සු උදේට නැගිට්ටම අතට ගන්නෙ ටවල් එක ,නිදාගන්න යද්දි අතට ගන්නෙ බෙඩ් ෂීට් එක ”

බෙට්ෂීට් සහ තුවා ප්‍රධාන වශයෙන් මෙම ආයතනයේ අලෙවි වන අයිතමයන් වනවා . සියලු පාරිභෝගිකයන්ට තම නිවසේ පරිභෝජනයට අවශ්‍ය රෙදිපිළි සාධාරණ මිලකට නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබා ලබා දීම ක්‍රිෂ්ණමූර්ති මහතාගේ බලාපොරොත්තුවයි .

1886 ජූලි මස 8 වන දින ව්‍යාපාර ජීවිතයට අත්පොත් තබන විට ක්‍රිෂ්ණමූර්ති මහතා වසර 20ක තරුණයෙක්. එතැන් පටන් අද දක්වා වසර 35ක කාලයක් අවංකව, කැපවීමෙන් ,සාධාරණව ඉපයූ මුදලින් අද වන විට ඔහු ව්‍යාපාර ලෝකයේ ඉහළම ස්ථානයක වැජඹෙනවා .

” මොනා කරත් සාධාරණ වෙන්න ඕන .එතකොට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා . මහා පරිමාණයෙන් රෙදි ගෙන්වලා තමයි මමත් ගොඩ යන්නේ. මගෙන් මේවා මිලදී ගන්න වෙළෙන්දොත් අනිවාර්යයෙන් ගොඩ යන්න ඕන .”

ඔහු ගැන තක්සේරුවක් ලබා ගන්නට මෙම ප්‍රකාශය හොඳට ම ප්‍රමාණවත් .

දිවයින පුරා විහිදුනු පාරිභෝගික ජාලයක් හිමි ඔහුගේ ව්‍යාපාර ආයතනය ගොඩනගන්නට උපකාර කළ අය පිළිබඳවද ඔහු තුල ඇත්තේ ඉමහත් ගෞරවයක්.

” මම තාත්තා දුන්න පොඩි මුදලින් තමයි ව්‍යාපාරය පටන් ගත්තේ. තරගකාරීත්වය නිසා ඉස්සරහට යන්න මට මුදල් අවශ්‍ය වුණා. මට උදව් කළේ සෙලාන් බැංකුව. ඒක මගේ ගෙදර වගේ. මගේ පවුලේ අයත් මගේ ලග හිටියෙ නැති වෙලාවක මගේ 55 වැනි උපන්දිනයට මාව පුදුම කළා. එයාලා මට එන්න කියලා මගේ උපන්දිනේ සැමරුවා . මම මේක කියන්නේ හරි ආඩම්බරයෙන්”

ව්‍යාපාරයක් ආරම්භ කර ඉහලටම යන්න අවශ්‍ය ම දේ මොකක්ද ?ඔහු ඒ සඳහා ලබාදෙන්නේ කදිම පිළිතුරක් .

” දෙවියො ගැන විශ්වාසය තියන්න. අනිවාර්යෙන්ම අවංක වෙන්න .ඔබට හිමි වරප්‍රසාද එවිට ලැබෙනවා. අවංක චේතනාවයි වැදගත් .”