පොඩි තොණ්ඩාගෙන් OIC ට සත්තමක්!

ආධාරකරුවන් පිරිසක් සමඟ පැමිණි ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් තම ආධාරකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් බගවන්තලා පොලිස් ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන් පිරිසකට බැණ තර්ජනය කර තිබෙනවා.
බගවන්තලාවේ රාජ්‍ය බැංකුවක කළමනාකාරවරයෙක් සහ ගනුදෙනුකරුවෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණු බව සඳහන්. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උරණ වූ ජීවන් තොණ්ඩමන්, සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරීන්ට ස්ථාන මාරු ලබා දෙන ලෙස ස්ථානාධිපතිවරයාට පවසා තිබෙනවා.
තවද බගවන්තලාව ප්‍රාදේශීය සභාවෙන් පොලීසියට ලබා දෙන ජල සැපයුම අත්හිටුවන බවටද තර්ජනය කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්.