ARTICLES

වගකීම ගැන හිතන්නෙ නැතුව මේ දිනවල අපි කරන වැරදි 05 ක් මෙන්න

බොහෝ වෙලාවට අපි පුරුදුවෙලා ඉන්නේ අපි වැරැද්දක් කරත් අනිත් අය පිට ඒ වැරැද්ද පටවන්න..එහෙමත් නැතිනම් අපි වැරැද්දක් කරත්,නිදහසට කරුණක් විදිහට අපි කියන්නේ , ” අහවලත් මේ වැරැද්දම කරානේ..ඉතිං අපි විතරක් කරාම මොකද කියලා ? ”

වගකීම කියන දේ බාරගන්න සමහර අය කැමති නැහැ.හැබැයි අපි ඉපදුන දවසෙ ඉඳලම අපි හැමෝටම වගකීමක් තියෙනවා.ඒ වගකීම අඩු වැඩි වශයෙන් වෙනස් වෙන්න පුලුවන්.ඒත් අපි කාටවත් ඒ වගකීම් වලින් මිදෙන්න බැහැ.සමහර විට ඒ වගකීම හරියට ඉෂ්ඨ නොකලොත් ප්‍රශ්න වලට මූණ දෙන්නේ ඔබට විතරක් නෙවෙයි..අපි හැමෝටමයි

වගකීම කියන දේ අමතක කරලා මේ දවස්වල අපි කරන වැරදි ටිකක් ගැනයි අද අපි කතා කරන්නේ.

1.Facebook එකේ ගනුදෙනු කරන හැටි

සමාජ මාධ්‍යය කියන්නේ හරි සියුම් තැනක්.ඒ නිසා ඒ තුල හැසිරෙද්දි වගකීම කියන දේ අනිවාර්යයෙන්ම හිතට ගන්න ඕනෙ.සමහර වෙලාවට ඔබ හුවමාරු කරගන්නා වැරදි පුවතකින් තවත් අයට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.ඒ වගේම තමයි ඔබ යම් දෙයක් දැනගෙන ඒ බව හංගගෙන ඉන්නවා නම් ඒකත් වගකිම් විරහිත ක්‍රියාවක්.

මෙහෙම හිතමුකෝ.ඔබ කොවිඩ් රෝගය ආසාදනය වුන කෙනෙක් කියලා.හැබැයි ඔබ ඒ බව කාටවත්ම නොකියා හෝ ඔබව ඇසුරු කල අයට නොදනවා සිටිනවා කියලා..ඒකෙන් වෙන්නෙ ඒ අයගෙත් ජීවිත අනතුරේ හෙලනවා කියන දේ.

ඉතින් සමාජ මාධ්‍යය ඔස්සේ සමහර වෙලාවට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දකින දකින හැම දේමත් අපි හුවමාරු කරගන්නවා.

සමහර වෙලාවට බෙහෙත් වට්ටෝරු,වැරදි උපදෙස්..මේ වගේ දේවල් නිසා ඒවා විශ්වාස කරන තවත් අයෙකුගේ ජීවිතය අනතුරේ වැටෙන්න පුලුවන්.

2.පාටි දාන මිනිස්සු

අපි නිතරම කතා කරන දෙයක්නේ මීටර් දෙකක්වත් දුරක් තියාගන්න එක.සමහර නීති පනවලා තියෙන්නෙත් ඒ නිසා.හැබැයි ඒ දේවල් තුට්ටුවකටවත් මායිම් නොකර සමහරු ගෙවල් ඇතුලේ පාටි දානවා..

වටේ පිටේ අය එකතුවෙලා එක්කෝ යම් යම් දේවල් සමරනවා.ඒ හින්දම රෝගය පැතිරුනු අවස්ථා ඕන තරම් තියෙනවා.

එපා කියද්දිත් හොරෙන්ම සාද පවත්වලා ගමටම කොරෝනා බෙදපු අය ඕන තරම් ඉන්නවා.කිසිම වගකීමක් නැතුව කරන මේ වැඩ වලින් වෙන්නේ තව තවත් කොවිඩ් රෝගය රට පුරාම පැතිරෙන එක විතරයි.

ලෝකේ අනෙක් රටවල් ගත්තොත් ,ඒ මිනිස්සු හැම තිස්සෙම උත්සාහ කරන්නෙ තමන්ගේ නිදහස කැප කරලා හෝ පුලුවන් ඉක්මනින් මේ වසංගතයෙන් බේරෙන්න.

ඒත් අපේ සමහරු කරන වැඩ දැක්කම නම් දුකක් හිතෙන එක අහන්න දෙයකුත් නෙවෙයි.

 

3.වැක්සින් එකෙනුත් කට්ටි පනින අය

ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන දෙයක් තමයි ,කොවිඩ් මර්දන එන්නත ලබා ගන්න කියන එක.ඒත් අපේ සමහරු එය මඟ හරින අවස්ථා පවා තිබෙනවා.

මේ රෝගයෙන් තමන් බේරෙන එක එක අතකින් තමන්ගේ වගකීමක්. මොකද ඒක එහෙම නොවුනොත් තමන්ගෙන් අනිත් අයටත් මෙය බෝවෙන්න පුලුවන්.ඉතින් ඒකට දැනට තියෙන හොඳම විසඳුම තමයි එන්නත්කරණය.

ඒ නිසා ඔයත් මේ වැරැද්ද කරන කෙනෙක් නම් මේක සුලුවෙන් තකන්න එපා.

 

4.ඉවර වුනේ ලොක් ඩවුන් මිසක් කොරොනා නෙවෙයි

ලොක් ඩවුන් එක අයින් කරාට පස්සේ බොහෝ අය හිතන්නේ ,දැන් නිදහසේ ඕන තැනක යන්න එන්න පුලුවන් කියලා.මතක තියාගන්න,ඉවර වුනේ ලොක් ඩවුන් එක මිසක් කොරෝනා නෙවෙයි.කොරෝනා අවදානම තාමත් එහෙමමයි.ඒ නිසා වෙනද වගේම අත්‍යාවශ්‍ය ගමන් බිමන් විතරක් දාගන්න අමතක කරන්න එපා.

එහෙම නැතිනම් අපි කරන වැඩ නිසා,ආයෙම අපිත් අමාරුවෙ වැටිලා,අනිත් අයවත් අමාරුවේ දානවා වෙන්න පුලුවන්.

 

5.හැමදේම අනිත් කෙනා කරන කල් බලාගෙන ඉන්න එක

අපි කොහොමත් අනිත් කෙනාගේ වැරදි දකින්න හරි දක්ෂයිනේ.අපේ අතේ කොයි තරම් වැරදි තිබ්බත් ඒවා පේන්නෙ අඩුවෙන්.ඒ නිසා හැමවෙලාවෙම තවත් කෙනෙක්ගේ වැරදි දකිමින් ඉන්නවා හැර අපෙන් වෙන්න ඕනේ වගකීම ගැන හිතන අය අඩුයි .

කොවිඩ් කියන්නේ අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි.මේ ප්‍රශ්නය පොදුවේ හැම රටකටම බලපාන ප්‍රශ්නයක්.ඉතිං ඒ නිසා හැමදේම අපි ගාවට එනකල් බලාගෙන ඉන්න එක කරන්න බැහැ.

උදාහරණයකට ,රට වහන්න ඕනේ කියලා නිතරම කියනවානෙ.ඒත් ඒ වගේ වෙලාවක අපිට පුලුවන් මුලින්ම අපිම ස්වයං වාරණයකට ලක් වෙන්න.

තමගෙන් විය යුතු වගකීම ගැන මෑත කාලයේ බොහෝ දෙනාට ආමන්ත්‍රණය කල ව්‍යාපෘතියක් වූයේ Responsibleme වැඩසටහනයි.

ජනතාව මේ විදිහට ” සුහද හදින් – ටිකක් සැරෙන් ” දැනුවත් කරන්න පටන් ගත්තේ සෙලාන් බැන්කුව.ඇත්තෙන්ම බැංකුවකින් විය යුතු කාර්යයට එහා ගොසින් මුලු රටේම ජනතාව වෙනුවෙන් ඔවුන් සිදු කල ඒ කටයුත්ත මෙහිදී අපි විශේෂයෙන්ම මතක් කල යුතුයි.

එක් අවස්ථාවක එහි සේවකයින් සිය දෛනික වැටුප පරිත්‍යාග කරමින් ජනාධිපති කොවිඩ් සාදන බලාකායට පරිත්‍යාගයක්ද කල අතර ,තවත් වරෙක නැගෙනහිර කොළඹ මූලික රෝහලට නව දැඩි සත්කාර ඒකකයක්ද පරිත්‍යාග කෙරුනා.

ඉතිං තමන් වෙනුවෙන් ,තමන් උපන් රට වෙනුවෙන්..එවැනි වගකීමක් අපි හැමෝටම ගන්න පුලුවන් නම් එය අගය කල යුතුමයි.

ඒ නිසා හැම වෙලාවෙම අපෙන් විය යුතු වගකීම නිවැරදිව හඳුනාගෙන වැඩ කරනවනම් ඉස්සර වගේ සතුටින් ඉන්න පුලුවන් වගේම ,මේ තත්වයෙන් අපි හැමෝටම ගොඩ එන්න බැරි වෙන එකකුත් නැහැ.