NEWSSPORTS

අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාව

ඊයේ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගය තියුනු සටනකින් පසු පරාජය වුවද, ICC T20 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අවස්ථාව විවරව තිබෙනවා.

ඒ සඳහා ඉඩ සලසා ගැනීමට නම් ශ්‍රී ලංකාව සිය අවසන් තරග දෙකම ජයගෙන ලකුණු 6ක් රැස් කර ගත යුතුයි.

යම් හෙයකින් ශ්‍රී ලංකාව ලකුණු හයකින් බී කන්ඩයේ තරග අවසන් කර ගත්තේයැයි උපකල්පනය කළහොත්, දල ළකුනු ලබා ගැනීමේ වේගය නොසලකා ඔවුන්ට සුදුසුකම් ලැබිය හැකි ආකාරයයි මේ.

එංගලන්තය ශ්‍රී ලංකාව හමුවේ පරාජය වී ඔවුන් දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.

ඔස්ට්‍රේලියාව බටහිර ඉන්දීය කොදෙව් සහ බංග්ලාදේශයට එරෙහිව ඉතිරි තරග දෙකම පරාජය විය යුතුයි.

දකුණු අප්‍රිකාව බංග්ලාදේශයට සහ එංගලන්තයට පරාජය විය යුතු අතර බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පරාජය කළ යුතු වනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් ඕස්ට්‍රේලියාව පරාජය කළ යුතු අතරම ඔවුන් ශ්‍රී ලංකාව හමුවේ පරාජය ද විය යුතුයි.

යම් ලෙසකින් මේ සියල්ල සිදුවන්නේ නම්, ශ්‍රී ලංකාවට දල ලකුණු ළබා ගැනීමේ වේගය සැලකිල්ලට නොගෙන තරගාවලියේ ඉදිරියට යාමට හැකියාව පවතිනවා