NEWS

පඩි නොගෙවූ නිසා රූපවාහිනි සේවකයෝ සභාපතිගේ කාමරය වටලයි

ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ ඔක්තෝබර් මස වැටුප ඊයේ (25 වැනිදා) නොගෙවීම හේතුවෙන් සභාපතිවරයාගේ කාමරය වටලා විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ඇත.

සේවක සේවිකාවන් තුන්සීයයක් පමණ විරෝධතාවට එක්ව ඇති අතර ඉන්පසු සේවක සේවිකාවන් පස්දෙනකු සභාපති රෙජිනෝල්ඩ් කුරේ සමග සාකච්ඡාවක් පවත්වා තිබේ. එහෙත් විසඳුමක් නොලැබුණු බව සේවකයෝ ප්‍රකාශ කරති. අද (26 වැනිදා) දිනය වන විට වැටුප් නොලැබුණොත් අඛණ්ඩව විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට වෘත්තීය සමිති තීරණය කර ඇත.