NEWS

ගොවියෝ දැන් ඉන්නේ හරිම සතුටින්

ශාකය ඉල්ලා සිටින පෝෂ්‍ය ගුණය ලබාදෙන්නේ නම් රසායනික සහ කාබනික වශයෙන් වර්ග දෙකක් කෘෂිකර්මාන්තයේ නැතැයි කෘෂි ඇමැති මහින්දානන්ද ඊයේ (21 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

පොටෑසියම් රසායනිකයක් නොවන බව කී හෙතෙම එය කාබනික පොහොරක් බව පැවැසුවේය. යූරියා මිටියකින් සිදු කරන දේ නැනෝ නයිට්‍රජන් ලීටර් භාගයකින් කළ හැකි බවද මෙම 30 වැනිදා වන විට අවශ්‍ය පොහොර සියල්ල ගෙන එන බවද පැවැසුවේය. ගොවියා ඉල්ලා සිටියේ නයිට්‍රජන්, පොටෑසියම් සහ පොස්පරස් බැවින් ගොවි නිෂ්පාදනයේ අඩුවක් හෝ ආහාර හිඟයක් ඇති නොවන බවද පැවැසුවේය.

සියල්ල කළේ යහපත් චේතනාවෙන් බවද යම් යම් අඩුපාඩු නැතැයි කියන්නේ නැහැ. යල කන්නයේ අස්වනු අලෙවිය සම්බන්ධයෙන් ගොවියා පසුවන්නේ සතුටින්.

මෙට්‍රික් ටොන් මිලියන 3.4 ක සහල් පසුගිය වසරේ නිෂ්පාදනය කළ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය වූයේ මෙට්‍රික් ටොන් 2.4ක්. ඒ අනුව මෙට්‍රික් ටොන් මිලියන එකක පමණ සහල් අතිරික්තයක් වෙළඳපොළේ ඇතැයිද ඇමැතිවරයා පැවැසුවේය.

ආනයනය කළ සහල් කාබනික නිෂ්පාදන දැයි විපක්ෂ නායකවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ එසේ නම් ආනයනය කරන හාල්මැස්සන්, උම්බලකඩ සහ කිරිපිටි ආදියත් කාබනික විය යුතු බවය. සහල් ආනයනය කිරීමට ජනාධිපතිවරයා අකමැති වූ බවද ඒ සම්බන්ධයෙන් තමාට බැණුම් අසන්නට පවා සිදුවූ බවද කී ඇමැතිවරයා ගොවියා වී අලෙවි නොකළ නිසා සහල් ආනයනය කිරීම හැර විකල්පයක් නොතිබූ බවද පැවැසුවේය.