“අරක්කු බදු හොරු අල්ලනවා” – මහින්දානන්ද

මහා පරිමාණ මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයකර ගැනීමට තිබෙන බදු කඩිනමින් අයකර ගන්නා ලෙස පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සුරා බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගිය 22 වනදා පැවැති ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමකදී.
මෙහිදී ඔහු සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙන්වා දුන්නේ මෙම වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 217 ක් බවත් ජුනි මස වන විට උපයා ඇත්තේ රුපියල් බිලියන 72.985 පමණක් බවයි. මේ නිසා බලාපොරොත්තු වන ආදායමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ලඟාවී නැති බවද හෙතෙම නිළධාරීන් හමුවේ කියා සිටියා.
කෙසේ වෙතත්, ‘මවුරට’ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ අප කළ විමර්ශනයකදී හෙළි වුණේ ප්‍රශ්නගත බැඳුම්කර වංචාවට නම ඈඳුණු මත්පැන් නිෂ්පාදන සමාගමක් රජයට බදු ගෙවීම පැහැර ඇති බවයි.