NEWS

සීනි කිලෝ එකක් රුපියල් 25 කින් වැඩි කරන්නැයි ඉල්ලයි

සීනි සඳහා පැන වූ පාලන මිල කිලෝග්‍රෑමයකට රුපියල් විසි පහක් වැඩි කර දෙන ලෙස සීනි ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

ආනයනකරුවන් දස දෙනකුගේ අත්සනින් යුතුව යොමු කර ඇති ලිපියක සඳහන් වන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සීනි මෙට්‍රික් ටොන් 3000ක්ද වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි. දැනට පවතින පාලන මිල යටතේ සීනි අලෙවි කිරීමට නොහැකි බවද ආනයනකරුවන් සතුව සීනි මෙට්‍රික් ටොන් 20000කට වඩා අඩු ප්‍රමාණයක් ඇති බවද එම ලිපියේ දැක්වෙයි.