හිතුවක්කාරකම නිසා විනාශ වූ Titan – අවදානම ගැන මිතුරෙක් කියලා

Titan සබ්මර්සිබල් අනතුරින් මිය ගිය ගවේශකයන් දෙදෙනෙකු ගමනට පෙර එම ගමන ගැන කනස්සල්ලෙන් සිටි බව ඔවුන්ගේ මිත්‍රයෙක් වන සාගර ගවේශකයෙකු වන Victor Vescovo පවසනවා.
ඔහු කියා සිටින්නේ බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති Hamish Harding සහ ටයිටැනික් විශේෂඥ Paul-Henri Nargeolet යන දෙදෙනා මෙම ගමන පිළිබඳව තමන්ගේ මතය කුමක්දැයි විමසූ බවයි.
විනාශ වූ Titan සබ්මර්සිබල් ආකෘතියේ අවදානම ගැන සමාජයේ කතා බහක් ඇති බවත්, තමන් කිසිසේත්ම මෙම ගවේශනයට සහභාගී නොවන බව ද සඳහන් කළ බව Vescovo ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියා.
මිය ගිය ගවෙිශකයින් Titan සබ්මර්සිබල් හි ආකෘතිය සහ ආරක්ෂාව පිළිබඳ දැඩි විශ්වාසයකින් සිට ඇති බව ද මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සඳහන්.