NEWS

පලාත් අතර බස් සහ දුම්රිය ගමන් ආරම්භ කරන දිනය මෙන්න

ලබන 21 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය හා බස් ධාවනය ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම (13 වැනිදා) පැවසීය.
පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා ඉවත් කිරීමට බලාපොරොත්තු වන හෙයින් සෞඛ්‍ය අංශ අවසරය දෙන්නේ නම් සියලු බස් හා දුම්රිය ධාවනයට සූදානම්ව ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

පළාත් සංචරණ සීමා පවත්වා ගනිමින් ඔක්තෝබර් 01 වැනිදා නීරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද දුම්රිය ධාවනය සති දෙකකට අත්හිටුවීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබුණි. ඒ අනුව දුම්රිය ධාවනය හෙට (15 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණත් එය තවත් සතියකින් පසු ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් දී තිබේ.

මේ අනුව 21 වැනිදා සිට දෛනික දුම්රිය ගමන්වාර 130 ක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.