එළවළු මිල 100% කින් ඉහළට – අලෙවියත් පහළට

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව දින 30ක පමණ කාලයක් ඇතුළත පැවැති එළවළු මිල 100% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි දක්නට ලැබෙන්නේ.
එළවළු ඉල්ලුම පහල යාම නිසා ගොවීන් එළවළු වගාවෙන් ඉවත් වීම මෙම තත්වයට හේතු වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම මිල ඉහළ යාම කෘත්‍රීම ව ඇති කරන ලද තත්වයක් දැයි පාරිභෝගිකයින් සැක පළ කරනවා.