NEWS

පෞද්ගලික අංශයේ විශ්‍රාම යෑමේ වයස 60 දක්වා ඉහළට

පෞද්ගලික  අංශ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යෑමේ දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට 2021 මාර්තු 23 වැනිදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.

එම අනුමැතිය අනුව සකස් කරන ලද මූලික කෙටුම්පත අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ කමිටුවේ දී තවදුරටත් සාකච්ඡා කර තිබේ.

කමිටුවේ තීරණය පරිදි වයස අවුරුදු 52ට එළැඹ නැති සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයන් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමටත් හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට