NEWS

ලිට්‍රෝ ගෑස් මිල ඩබල් වෙද්දි ලාෆ් ගෑස් මිලත් අහස උසට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල ඉහළ නැංවූ අතර ඒ සමඟම ලාෆ් සමාගමද ගෑස් මිල ඉහළ නංවා තිබෙනවා.

ලිට්‍රෝ කි:ග්‍රෑ:12.5 ගෑස් සිලින්ඩරයක් රු:1257 කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එම සිලින්ඩරයක නව මිල රු:2750ක් වේ.

කි:ග්‍රෑ:5 සිලින්ඩරය රු:503කින් ඉහළ දමා තිබෙන අතර නව මිල රු:1101ක් වනවා.

කි:ග්‍රෑ: 2.5 සිලින්ඩරය රු:231කින් ඉහළ නැංවූ අතර එහි නව මිල වන්නේ රු:520 ක්.

මේ අතර පසුගිය අගෝස්තු 12 දා ලාෆ්ස් ගෑස් සමාගම රු 363කින් සිය කිලෝ 12.5 ගෑස් සිලින්ඩරය මිල ඉහල නැංවූ අතර ලාෆ්ස් ගෘහස්ත ගෑස් සිලින්ඩරක මිලද හෙට සිට ඉහළ නංවා තිබෙනවා.ඒ අනුව ලාෆ්ස් ගෑස් 12.5Kg සිලින්ඩරයක නව මිල රුපියල් 2840 ක් වන අතර 5Kg සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1136 ක්.