NEWS

පාසල් ආරම්භ කිරීම නොවැම්බර් මුල් සතියේ

පාසල් ආරම්භය අදියර 4ක් යටතේ නොවැම්බර් මස මුල් සතිය වන විට සිදුකරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අද (08) දින පාර්ලිමේන්තුවේ දී විපක්ෂය නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ඉන් අනතුරුව යම් කාලසීමාවක් විෂය නිර්දේශය ආවර්ණය කිරීමට සහ දරුවන්ට විභාග සඳහා සුදානම් කිරීමට ලබාදීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“අපි උසස් පෙළ පටන් ගන්නකොට ම අවුරුදු දෙකේ ම සැලසුම් කරලා, රිවිෂන් කරන්නේ කවද්ද, ප්‍රශ්න උත්තර කරන්නේ කවද්ද කියන එක දරුවන් හා ගුරුවරු ඔක්කෝම යම් සුදානමක ඉන්නවා. විභාග සඳහා සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම දැන් මේ වෙනකොට ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා ඒ දරුවන්ට. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක්. ඒ නිසා තමයි මම ඊයේ පිළිතුරු දුන්නේ නුදුරේ දීම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබාදෙයි. මොකද මේ වන විට තක්සේරුවක් කරන් යනවා පළාත් මට්ටමින් කොයි තරම් දුරට පාසල් විවෘත වී තිබු කාලසීමාව තුළ විෂය මාලාව ආවරණය වුණාද කියන එක. පැරණි හා නව විෂය නිර්දේශය කියලා එන්නේ අවුරුදු 8කට වතාවක් විෂය මාලාවේ සංවර්ධනයේ ප්‍රතිඵලයක් හැටියට. හැබැයි ඒක දැන් වලංගු වෙන්නේ නෑ. දැන් මේ අවුරුද්දේ දී පළමු හා දෙවන වරට විභාය සඳහා ඉදිරිපත් වන දරුවන් අලුත් විෂය නිර්දේශය තමයි එන්නේ. විෂය නිර්දේශයේ නෙමෙයි ප්‍රශ්නය. ඔබතුමා අහපු ප්‍රශ්නය මෙතරම් ප්‍රමාණයක් ආවරණය කරලා නැතිවිට මේකෙ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්න පත්‍රයේ යමක් කරනවා ද කියන එක. ඒක කරන්න බෑ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා උසස් පෙළ විභාගයේ ප්‍රමිතිය වෙනස් කරන්න බෑ. ඉගෙන ගැනීම ආවරණයට කාලයක් ලබාදීලා ඒකෙන් සෑහීමකට ලක්වන අවස්ථාවේ දී දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස විභාග පත්වනවා.”