NEWS

සාකච්චාවකට එන්නැයි ජනපතිගෙන් සජිත්ට ආරාධනාවක්..හේතුව මෙන්න

කාබනික පොහොර වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡාවකට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ආරාධනා කර තිබේ. ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා වෙත ඊයේ (06 වැනිදා) දුරකථන ඇමැතුමක් ලබාදෙමින් මෙම ආරාධනාව සිදුකර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා වෙත දුරකථන ඇමැතුම ලබාදී ඇත.