NEWS

ඖෂධ නියාමනයේ දත්ත මැකීම ටෙලිකොම් වැඩක් කීවේ උපකල්පනය කරලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය ටෙලිකොම් ආයතනය හරහා සිදු වූ බව සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කළේ උපකල්පනය කරමින් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව පසුගිය බ්‍රහස්පතින්දා (30 වැනිදා) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දෙමින් මේ බව සඳහන් කර ඇත.

තමන් ඩිජිටල් යටිතලපහසුකම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි බවත් මෙම දත්ත මැකීමේ සිද්ධිය වූයේ ටෙලිකොම් ආයතනය හරහා බවට උපකල්පනය කළ බව සඳහන් කරමින් රහස් පොලිසියට ප්‍රකාශ කර ඇත. තමන් සිදු කළ ප්‍රකාශය කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක පළ නොවූ බවත් එය සිය මුහුණු පොතේ පමණක් පළවූවක් බව එහිදී ඔහු සඳහන් කර ඇත.

Aruna