NEWS

ගෙයක් හදන්න කලින් අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු 05 ක් මෙන්න

ගෙයක් කියලා කියන්නේ හැමෝගෙම හිතේ තියෙන හීනයක්.හැබැයි ආවට ගියාට ගෙයක් හදන්න බෑ.එහෙම ආවට ගියාට ගෙවල් හදන්න පටන් ගත්තම වෙන්නේ අතේ තියෙන සේසතම ගෙදරට යට කරන්න.ඊට පස්සේ අලුතෙන් ගෙදරට ගියත් හිතට කිසිම සැනසීමක් නැහැ.රෑට නිදගන්න ගියත් හීනෙන් පේන්නේ ගේ හදන්න ගත්ත ණය ටික කොහොමද ගෙවන්නේ කියන එක. හැබැයි ඔය කරදර කිසිම දෙයක් නැතුව හරියට ප්ලෑන් කරල ලස්සනට වැඩේ කරගන්නේ කොහොමද කියලා තමයි අද අපි කියලා දෙන්නේ.

1. හොඳ බාස්ම තෝරාගන්න

කෑම එකක් හදන්න ගියත් ඒකේ රෙසිපි එක තියෙන්නේ උයන කෙනා අතේනේ.ගෙදර අන්තිම ප්ලෑන් එක ඔයාගේ අතේ තිබුනට ගෙදර හදන එකේ ප්ලෑන් එක තියෙන්නේ බාස් ගේ හිතේ. ඒ නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ මේ වැඩේට හරියන හොඳම බාස් කෙනෙක් තොරාගන්න ඕනේ.

ඒ තෝරගන්න කලින් හොයලා බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා.වගකිමෙන් කලට වෙලාවට වැඩ කරන , කතා බහ කරලා වැඩේ කරගන්න පුලුවන් බාස් කෙනෙක් නම් ඔයාටත් හිතේ නිදහසේ වැඩේ පටන් ගන්න පුලුවන්.

2. ගන්න සිමෙන්ති – යන වියදම හදාගෙන ඉන්න

ගේ හදන්න ඕනේ අතේ තියෙන මුදලට කියලා කියනවනේ.ඒක හරියට කාමරේ හදලා ඒ කාමරේ සයිස් එකේ හැටියට ඇඳන්,පුටු,මේස හදනවා වැඩක්..ඒක ප්රැක්ටිකල් නැහැනේ..වෙන්න ඕනේ තමන්ගේ අවශ්යතාවයන්ට අනුව කාමරේ හදාගන්න එක මිසක් කාමරේ අවශයතාවයට අනුව තමන් හැඩ ගැහෙන එක නෙවෙයි. ගෙයක් හදද්දිත් එහෙමයි.අතේ තියෙන ගානට ගේ හදලා තේරුමක් නැහැ.මොකද ගෙවල් කියන දේවල් අවුරුද්දෙන් අවුරුද්දට හදන්නේ නැහැනේ.සමහර වෙලාවට ජීවිත කාලෙටම හදන්නේ එක ගෙයයි.ඉතින් හදන ගෙදර තමන්ට අවශ්ය විදිහට හදාගන්න ඕනෙ.

ඒ නිසා තමයි ගේ හදන්න ගන්න සිමෙන්ති වර්ගය,කම්බි වර්ගයේ ඉඳලා හැම දේකම වියදම් ඇස්තමේන්තුවක් හදාගන්න ඕන වෙන්නෙ.එහෙම ලැයිස්තුවක් තියෙනවනම් අතර මඟදි හිර වෙන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට බාගෙට හදපු ගෙවල් වැඩ නැවතිලා අතරමඟ නැවතිලා තියෙන්නේ මේ විදිහේ වියදම් ලැයිස්තුවක් හදාගෙන හිටියෙ නැති නිසා.

3. ගාන පාට වර්ගය ගැනත් හිතන්න

බිත්ති වල ගාන්න තෝරාගන්න වර්ණය,ඒ පාට ගෑවොත් හිරු එළිය නිවස ඇතුළට එන්නෙ කොහොමද..ජනෙල් පිහිටීම් එක්ක ඒ පාට ගැලපෙනවද..මෙන්න මේ හැම දෙයක් ගැනම ඔබ අනිවාර්යයෙන්ම කල්පනා කල යුතුයි.

ඒ නිසා ගෙදර වැඩ ටික කරගෙන යද්දි ගෙදර අනිත් අයත් එක්ක මේ කියපු කාරණය ගැන සැලකිලිමත් වෙන්න.

4. කල්පවතින අලංකාරවත් වහලයක්

ගෙදර කොච්චර ලස්සනට හැදුවත් වැඩක් නැහැ , අලංකාරවත් සහ ආරක්ෂිත සිවිලිමක් ගැහුවෙ නැතිනම්.මොකද නිවසට මනා පෙනුමක් ගෙනත් දෙන්නේ සිවිලිම සහ වහලය. වර්තමානයේදී බොහෝ දෙනා ලී වෙනුවට මේ සඳහා යොදා ගන්නේ වෙනත් දේවල්.මොකද මේ වෙනුවෙන් ගස් කපනවා කියන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි .

අනික ඔය කපන ගහේ හැම කෑල්ලම භාවිතා කරන්නත් බැහැ.වැඩි හරියක් අපතේ යනවා. මේ නිසා බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නෙ රයිනෝ colorup වැනි නවීන සහ වගකීමක් සහිත සිවිලිම් සවි කරගන්න සවි කරගන්න.

සාමාන්යයෙන් දැනට වෙළඳ පොලේ තිබෙන නිෂ්පාදන අතුරින් ඉදිරියෙන්ම තියෙන නිෂ්පාදනය තමයි රයිනො colourup කියලා කියන්නේ. මොකද ගින්නෙන් කිසිම හානියක් නෑ වගේම ගුල්ලන්ගෙන් වැනි කෘමි සතුන්ගෙන් හානියක් වෙන්නෙත් නැහැ.ඒ වගේම ,රයිනෝ Colourup වලට නඩත්තු වියදමක් යන්නෙත් නැහැ. වගකීමක් සහිත ,අලංකාර පෙනුමක් ගෙන දෙන මේ වගේ දෙයකින් ගෙදර ඉදි වෙනවා කියන්නේ ඈත ඉඳලම බැලුවම ගෙදරටත් පොඩි ආඩම්බරයක් ගෙන දෙනවා .

මේ තියෙන ෆොටොස් ටික බැලුවම ඔයාටම ඒ කතාව ඇත්තක් කියලා තේරුම් ගන්න පුලුවන්.

5.ගෙදර ඇතුළත සූදානම

ගෙදර ලස්සනට හැදුවා වගේම තමයි ගේ ඇතුළෙ තියෙන්න ඕනේ දේවල් ගැනත් හිතන්න ඕනේ.නිවසේ පාටට ගැලපෙන පරිදි තිර රෙදි,දොර ජනෙල් වල පිහිටීම ,ඒ වගේම ආලින්දයේ සහ විසිත්ත කාමරවල ගෘහ උපකරණ..මේ දේවල් ගැනත් ගෙදර හදන්න කලින්ම ඔයාගේ හිතේ රූපයක් ඇඳිලා තියෙනවනම් ලස්සනට ගෙදර හදාගන්න එක අමාරු දෙයක් නෙවෙයි.

කතාවකුත් තියෙනවනේ…දැනගෙන ගියොත් කතරගම.නොදැන ගියොත් අතරමඟ කියලා..ගෙවල් හදන වැඩෙත් එහෙමම තමයි.ඒ නිසා මේ කියපු දේවල් ගැනත් හිතල බලලම ගෙවල් හදන වැඩේ පටන් ගන්න.