ARTICLESGOSSIP

මේ දවස්වල Facebook එකේ හොඳටම වයිරල් වුන දේවල් ටිකක් (PHOTOS)

සාමාන්‍යයෙන් ෆේස්බුක් එක කියලා කියන්නේ දවසින් දවස අප්ඩේට් වෙන තැනක්නේ.අද තියෙන එක නෙවෙයි හෙට..හෙට තියෙන දේ නෙවෙයි අනිද්දා..ඉතින් මෙහෙම වෙනස් වෙද්දි සමහර දේවල් හරි ඉක්මනටම හැමෝම අතරේ හුවමාරු වෙනවා.එහෙමත් නැතිනම් වයිරල් වෙනවා.

අද අපි කියන්නේ ඒ වගේ වයිරල් වුන දේවල් ටිකක් ගැනයි..

1. Chilling විත් රසල්

 

ක්‍රිකට් කියන්නේ අපේ රටේ ආගමක් තරමටම අපිට සමීප දෙයක්නේ.ඉතිං ක්‍රිකට් මැච් එකක් දිනනකොට සතුටු වෙනවා වගේම තමයි පරදිනකොට අපි කොයි තරම් නම් දුක් වෙනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

පහුගිය කාලයේදී එක දිගට තරඟ පරදිනකොට අපිට මතක් වුනේම අපේ ලෙජන්ඩ්ස්ලා.එයාලා සාමාන්‍යයෙන් පරදින්න සෙල්ලම් කරන අය නෙවෙයිනේ.කොහොම හරි ඔය කාලයේම තමයි අපේ රසල් අලුත් වැඩකට අත ගැහුවේ.ඒ තමයි චිලින් විත් රස්ලඩ්.

චිලින්ග් විත් රසල් කියන්නේ අපේ රටේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් එකතු වෙලා online තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ සුහද හමුවක් . මෙහිදී ඔවුන්ගේ ක්‍රිකට් දිවියේ සිදු වූ රසබර තොරතුරු ආදිය හුවමාරු කරගනු ලැබුවා . වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳවත් මෙහිදී ඔවුන් විවිධ මත ඉදිරිපත් කළා.

කොහොමහරි ඒ වැඩේ හිතුවට වඩා නැගලා ගියා.ඒ නිසාම කාලයක් යනකල්ම මේ දේ Facebook එකේ වයිරල් වුනා.

 

2. ඒක් බාර් නටපු ශෂී නිශාදියි – තරු දුන්න සඳරු අයියයි

 

 

ශෂී නිශාදි කියන්නේ මේ දවස් වල ජනප්‍රිය චරිතයක් . රෑට රෑට ඇවිදින් ගේම් එකක් ගහන ගමන් ඩාන්ස් කරන එක තමයි එයා කරන්නේ.

තරු දෙන ගමන් ඒක් බාර් සින්දුවට ඩාන්ස් කරන ශෂී රෝස මලක් ඔලුවෙ ගහගෙන තමයි ඉන්නේ.ඇයට මේ ලබා දෙන තරුවලින් යම් ඩොලර් ප්‍රමාණයක් අතට එනවා.හැබැයි ඉතින් ඒ ඩොලර් වෙලා එන්නේ අපේම රුපියල් තමයි.මොකද තරු දෙන්නෙත් අපේම අයනේ.

එයාට ගොඩක්ම තරු දුන්නේ සඳරු අයියා.

මතකනේ..” සඳරු අයියා අපිට තර්ටි මිලියන පහක තරු දීලා තියෙනවා..තෑන්කියු සඳරු අයියා..උම්මා..ඒක් බාර්..හේ..ඒක් බාර් ”

හිතේ මැවිලම පෙනුනා නේද..එහෙනම් ඉතින් වයිරල් වුන තරම හිතා ගන්න පුලුවන් නේද ?

 

3. මොන්ගල්ද ඩාලිං..ඕ ෂිට්..

මනමාලන්..මේ තමයි වයිරල් වුන තවත් කෙනෙක්.මනමාලන් වගේම නාඩගම්කාරයෝ නාට්‍යයත් පහුගිය දිනවල ෆේස්බුකේ එකේ ගොඩක් වයිරල් වුනා.ගමක කතාවක් වුනත් ආදර්ශයක් දෙන ගමන් තමයි කතාව ඉදිරියටම ඇදෙන්නේ.

එකම ලොකේෂන් එකේ කැමරා එක තියලා , ” තිබ්බා..ගැහුවා ” සංකල්පයට නැතුව ලස්සන ලොකේෂන් ටිකක් තෝරාගෙන නාට්‍යය රූගත කෙරෙන නිසා බලාගෙන ඉන්නත් හරිම ආසයි.සරා,සුදු චූටි,කවඩියා,කුකුල් කෑල්ල,ගජමෑන්..මේ චරිතත් නාට්‍යයත් එක්කම ජනප්‍රිය වුනා.

 

4.සුහද හදින් -ටිකක් සැරෙන්

මේක කැම්පේන් එකක්.හැබැයි කොවිඩ් කාලයේදී දැකපු හොඳම කැම්පේන් එක කිව්වත් වරදක් නැහැ.වැඩේ කරේ සෙලාන් බැංකුව.කොහොමත් සෙලාන් බැංකුව පහුගිය කාලය පුරාවටම හැමෝම කතාබහ වෙන විදිහේ අලුත් වැඩ කිහිපයක්ම කරා.

මතකනේ ” දෙකෙන් දෙන්නම් ” කැම්පේන් එක..

සුහද හදින් ටිකක් සැරෙන් කිව්වම එක පාරම ඔලුවට එන්නේ සනත් ජයසූරියගේ බෝල් ගාර්ඩ් වීඩියෝ එක.අපේ සමහරු කොවිඩ් වලින් හරියට පරිස්සම් වෙන්නෙ නෑ කියලා ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.අන්න එහෙම අයට ටිකක් දැනෙන විදිහට සැරෙන් තමයි ඒ අවදානම ගැන කියලා දුන්නේ.හැබයි ඉතින් සුහද හදින්..

ඒ නිසාම මේ කැම්පේන් එකත් පහුගිය කාලය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වෙන්න පටන් ගත්තා.

මතකනේ මේ වීඩියෝ එක..

5.යොහානි

ආයෙ ඉතින් යොහානි ගැන කියන්න දෙයක් නෑනේ..මෙච්චර කාලෙකට අපි කරේ හින්දි ගායකයින්ගේ සින්දු වලට අපි නටපු එකනේ.හැබැයි දැන් ඔන්න අපේ කෙල්ලෙක්ගේ සින්දුවකට හින්දි සිනමාවේ දැවැන්තයා වෙච්චි අමිතාම් භච්චනුත් නටන්න පටන් අරගෙන.ඉන්දියාවේ විතරක් නෙවෙයි ,මාලදිවයිනෙත් මේ සින්දුව අතිශයින්ම ජනප්‍රියයි.

සින්දුවේ මුල් ගායනය යොහානි නම් නෙවෙයි.හැබැයි වයිරල් වුනේ යොහානිගේ කවර් එක.මේ ලිපිය ලියන වෙලාව වෙනකොට අපේ රටේ ජනගහණය වගේ දෙගුණයකටත් වැඩියෙන් සින්දුව බලලා.ඒ කියන්නේ මිලියන 51 ක්.

ලංකාවේ බිහිවෙච්ච මේ වගේ ටැලන්ට් එකක් තියෙන යොහානි  ඇත්තටම අපිට ආඩම්බරයක්.

තව ඉතින් මේ වගේ වයිරල් වුන දේවල් ගැන කතා කරන්න නම් පුලුවන්.ඕනේ නම් හාලුයි පොලුයි අමුවෙන් දාලා හදපු කිරිබත් කෑල්ලක් කන ගමන්,තැම්බුම් හොද්දකුත් බොන ගමන්ම කතා කරන්නත් පුලුවන්.

හැබැයි ඉතින් , ” මේ ඒකට වෙලාව නෙවෙයි “…