NEWS

හමුදාවෙන් ගෙදරටම ගොස් 3900 කට එන්නත ලබා දීලා

ගත වූ සතියේ දී යුද හමුදාවේ ජංගම එන්නත්කරණ රථ යොදවා නිවෙස්වල සිටින වයස අවුරුදු හැටට වැඩි විවිධ ආබාධ සහිත වූවන් 3980 කට එන්නත් ලබා දුන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොළඹ පදිංචිව සිටින 2300 කටත්, ගම්පහ සිටින 980 කටත්, කළුතර සිටින 700 කටත් මේ අනුව එන්නත් ලබා දී ඇත.

මෙම ජංගම එන්නත්කරණයේ දිගටම යොදවන ලෙසද හමුදාපතිවරයා උපදෙස් ලබා දී තිබේ.