NEWS

සෑම ග්‍රාමසේවා වසමකටම එක් ව්‍යාපෘතියක් – ඇමති බැසිල්ගෙන් තීරණයක්

ලබන අයවැයෙන් දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම එක් ව්‍යාපෘතියක් සඳහා මුදල් වෙන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.

රට පුරා ඇති ග්‍රාමසේවා වසම් 14,500ටම ඒ අනුව සංවර්ධන මුදල් යොමු කෙරේ. මුදල් ප්‍රතිපාදන නිදහස් කළ වහාම 2022 මාර්තු 31 දිනට පෙර එම ව්‍යාපෘති ආරම්භ නොකළහොත් වෙන් කරන මුදල් නැවත මහා භාණ්ඩාගාරයටම ආපසු ලබාගැනීමටද නියමිතය.