NEWS

” මුල් කාලේ මම බඩුත් ඇද්දා , කළමනාකරුවෙක් වුණේ අවුරුදු 7කට පස්සේ ” –

අවදානම් දරමින් නව ව්‍යාපාර අවස්ථා හඹා යන ව්‍යවසායකයන් රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. නව ව්‍යාපාර බිහිකරමින් ඔවුන් තවත් සිය දහස් ගණනකට රැකියා අවස්ථා උදා කර දෙනු ලබනවා.

එදිනෙදා කටයුතු වලට නැතුවම බැරි දෙයක් තමයි ප්ලාස්ටික් කියන්නේ.ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ව්‍යාපාරයේ මෙන්ම ආහාර හා රසායනික අමුද්‍රව්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ට ව්‍යාපාරිකයෙක් තමයි K. ජයජීවන් මහතා.

නමුත් සාර්ථකත්වය සොයා ඔහු ආ ගමන් මඟ රෝස මල් ඇතිරූ මාවතක් නම් නොවේ.

” මුලින්ම මම බඩුත් ඇද්දා , පටන් ගත්ත තැන ඉඳන් තියෙන හැම වැඩක්ම කරලා කළමනාකරුවෙක් වුණේ අවුරුදු හතකට පස්සේ . ඒ නිසා අද වෙද්දී සේවකයෙක් අතින් වෙන්න පුළුවන් පොඩි පොඩි වැරදිත් මම දන්නවා .”

JK සමූහ ව්‍යාපාරයේ වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂවරයාද වන ඔහු අදටත් විශ්වාස කරන දෙයක් තිබේ.

ඒ යම් දෙයක් අවංකවම කල යුතු බවයි.

ඔහු ඒ බව ක්‍රියාවෙන්ම ඔප්පු කල නිසාවෙන්ම මීට වසර හතලිස් පහකට පමණ පෙර තම පියා විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය අද වන විට ඉතා දියුණු තත්ත්වයකට ගෙන ඒමට සමත් වී තිබෙනවා.

කැපවීම මෙන්ම ව්‍යාපාරිකයෙකුට තිබිය යුතු අවදානම් දැරීමේ හැකියාව පිළිබඳවද ඔහු සඳහන් කරන්නේ මේ වගේ දෙයක්.

” අපිට ඒ කාලේ තිබුණේ එක සමාගමයි . දැන් සමාගම් 05 තියෙනවා . තාත්තා අමුද්‍රව්‍ය ආනයනය කරන්න බය වුණා .දැන් ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය අපි ආනයනය කරන්න පටන් ගත්තා . ඒක නිසාම අපේ නිශ්පාදන අඩු මිලකට පාරිභෝගිකයන්ට දෙන්න අපිට පුළුවන් වුණා .”

අද වන විට JK සමූහ ව්‍යාපාරය අල , ළුණු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , රසායනික අමුද්‍රව්‍ය මෙන්ම ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් ආනයනය කර රට පුරා බෙදා හරින අතරම මෙම ප්ලාස්ටික් කුඩා පරිමාණයේ ප්ලාස්ටික් නිශ්පාදන ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර කරගෙන යාමට මහඟු අත්වැලක් වී තිබෙනවා.

ආයතනික ප්‍රධානියෙක් තුල තිබිය යුතු නිහතමානීකම වගේම මානුශීය හැඟීම ,ඔහුව මේ තරම් ව්‍යාපාරික ලොවේ ඉහළටම ගෙනෙන්නට සමත් වී තිබෙනවා.

” අද වෙනකල් සේවකයන්ට වැටුප් හෝ අමතර දීමනා අඩු කරලා නැහැ . අපි අලුත් සේවකයන් අරගෙන ඒ අයගේ වැටුප් වැඩි කරා . කොරෝනා නිසා අවශ්‍ය බඩු ගන්න බැරි අයට ඒවත් අරන් දුන්නා.”

ජයග්‍රහණයකදී පියවරු දහසක් සිටින නමුත් පරාජයකදී පියවරුන් නොමැත යන්න ප්‍රකට කියමනක්.

ලැබූ ජයග්‍රහණයන්ට වඩා මුල් අවධියේදී ඔහු මුහුණ දුන් අසීරුතම අවස්ථාවන් බොහොමයි.ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී විවිධ දුෂ්කරතා වලට මුහුණ පෑමට ඔහුටද සිදුවුණා .තම ව්‍යාපාරයට අවශ්‍ය මුදල් සොයාගැනීම ව්‍යාපාරිකයෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් .

” ව්‍යාපාරයක් ලාභ වගේම පාඩු ලබන අවස්ථාත් තියෙනවා . මගේ ව්‍යාපාරයටත් සමහර වෙලාවල් වලදී අභියෝග අවා . මගේ ව්‍යාපාරය වැටුණ වෙලාවල් වලදී සෙලාන් බැංකුව අපේ ව්‍යාපාරය අධ්‍යනය කරලා ගොඩක් පැති වලින් උදව් කළා . අදටත් හැමවෙලේම ව්‍යාපාරය ගැන ඔවුන් හොයලා බලනවා. ”

ඔහු ඒ ගැන කියන්නේ බොහොම සංවේදීව.ඒ ලැබූ පන්නරය නිසාවෙන්ම අද ඔහු ව්‍යාපාර ලොවේ හිනිපෙත්තටම ළං වෙමින් සිටිනවා.