“සජිත් ප්‍රේමදාස කියන්නෙ අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ” – පී. හැරිසන්

සියලු දෙනාගේ අවශ්‍යතාවය රට ගොඩගත හැකි නායකයෙකු බව හිටපු අමාත්‍ය පී. හැරිසන් පවසනවා.
ඔහු වැඩි දුරටත් කියා සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සමාජ සේවා ඇමැතිකමට වඩාත් සුදුසු බවයි.
තමන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ වසර 25 ක් දේශපාලනය කළ බවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ජනපතිවරයාට සහය දිය හැකි නම්, තමන් ජනපතිවරයාට සහය දීම ගැටලුවක් නොවන බවද හිටපු අමාත්‍යවරයා කියා සිටියා.
ඔහු මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට ඊයේ (17) සහභාගී වෙමින්.