NEWS

සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් කැපූ ලක්ෂ 78 ක ගඩොල් අවුරුදු තුනක් තිස්සේ අතුරුදහන් වෙලා

සිවිල් ආරක්ෂක බළකාය මගින් පවත්වාගෙන යන ව්‍යාපෘති අතරේ මහඔය බළකා කඳවුරේ සිදු කරන ගඩොල් නිෂ්පාදන අතරින් ගඩොල් හත් ලක්ෂ අසූ දෙදහසක් (782326) මීට වසර තුනක සිට අතුරුදන්ව ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයේදී හෙළිව ඇත. එහි වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑ අටකට (7823260) වැඩි බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් පිලිස්සූ ගඩොලක් රුපියල් දහයකට වැඩි මිලකට අලෙවි වේ.

2018 දී මෙම සිද්ධිය සම්බන්ධයෙන් කර ඇති විමර්ශනයකදී අදාළ අලාභයට වගකිව යුතු නිලධාරීන්ගෙන් පියවා ගැනීමට කටයුතු කරන ලෙස නිර්දේශ කර ඇතත් පසුගිය ජුනි 30 දින තෙක්ම අදාළ අලාභය එම නිලධාරීන්ගෙන් අයකර ගැනීමට කටයුතු කර නොමැති බව විගණනයේදී හෙළිව ඇත.