“එයාට මුකුත් වුණොත් මං තත්පරයක්වත් ඉන්නෙ නෑ” – පියවරුන්ගේ දිනයේ ඇසෙන වෙනස් සංවේදී ම කතාවක්

අද ලෝක පියවරුන්ගේ දිනය. අපි ‘තාත්තා, අප්පච්චී, Daddy” මේ කොයි විදිහට ආමන්ත්‍රණය කළත් ඒ, අපිව හදපු මේ ලෝකේ සුන්දර ම හදවතක් තියෙන මනුස්සයා.
මේ කතාව ටිකක් වෙනස්.
අතිනත ගන්න තරුණියක්, තරුණයෙක් අනාගතය ගැන කප්පරක් හීන තියාගත්තත්, වයෝවෘද්ධ වුණ දවසක තම තමන්ව බලාගන්න හැටි ගැන කතා කරන්නෙ හරිම අඩුවෙන්. ඒ නැතත් තරුණ වියේ ගිවිසගන්නා බොහෝ බැඳීම් ඒ විදිහටම මිය යන මොහොත දක්වා තියෙන්නෙ හරි දුලබ විදිහට.
මේ අපූරු කතාව කියවන්න.
බිරිඳට පියෙකු ලෙස සලකන සුන්දරම මනුෂ්‍ය ජීවිත වලට උපහාරයක් ම වේවා!
“මේ සීයා දැන් මගේ හොද යාලුවෙක්.මං ward එකේ ඉන්න කාලේ මේ සියගේ wife හිටියේ මට ඉස්සරහ ඇදේ.වයසට ගියාම හරි ආදරනීය විදියට තමන්ගෙ
Wife ට සලකනවා ඇස් දෙකටම දැක්කේ මේ සීයගෙන්.
ඒ ආච්චි paralize වෙලා හිටියේ.නහයෙන් බට දාලා.කතා කරන්න බෑ.ඇස් දෙකෙන් කදුලු වට්ටන්න විතරයි ඒ ආච්චිට පුලුවන් වුනේ.
සීයා උදේ පාන්දර 6 ට එනවා ආචිචිව බලන්න.පැපොල් ජුස් එකයි කිරි බෝතලයයි කැද බෝතලයයි සුප් බෝතලයයි ඔය වගේ එක එක ඒවා දාලා පොඩි පොඩි බෝතල්වලට ඒවා මිසීලට හොයාගන්න ලේසි වෙන්න ලේබල් එකක් සීයගේ අත් අකුරින් ලියලා අලවන් ඇවිත් පිලිවෙලට තියනවා.ආච්චිගේ හෝදන්න තියෙන ඇදුම් මල්ලකට දාගෙන අලුතින් ගෙනාපු ඇදුම් ටික පිලිවෙලට ආච්චිට වෙන් කරපු කොටසේ අහුරනවා
ඊටපස්සේ ආච්චිගේ ඔලුව අත ගගා පැයක් විතර සීයා මොනවද මොනවද කුටු කුටු ගානවා ආචිචිගේ කනට ලන් කරලා කිය කිය.හොදටම තේරෙනවා ඒ ආච්චිට කතා කරගන්න බැරි වුනාට සීයා කියන ඒවා හොදට අහන් ඉන්නේ කියලො
මට හරියට ඇවිදගන්න බෑ ඒ දවස්වල ඒත් මං එක එක ඇදවල් අල්ල අල්ල ඒ ආච්චි ගාවට ගිහින් හිතින් හිතාගෙන හිතුවා ආචිච සනිප වෙලා මටත් කලින් ගෙදර යන්න ඔිනි කියලා.
සීයා මගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් ගියා ඒ දවස්වල.මට කතා කරලා අහනවා ආචිචිට අමාරුවක් නෑ නේද කියලා.සීයා කියනවා ආච්චිට මොනවහරි වුනොත් දුවේ මං එක තප්පරයක්වත් ඉන්නේ නැ කියලා.මං ඒ සියා එහෙම කියද්දි ඇත්තටම එදා ගොලු වුනා
එක දවසක් මං ICU එකේ ඉදලා ආපහු ward එකට දාද්දි ආචිචගේ ඇද හිස් වෙලා තිබුනා.හොයලා බලද්දි ආච්චිව සනිප කරන්න බෑ කියලා ගෙදර යවලා පුලුවන් තරම් බලාගන්න කියලා තමයි ආරංචි වුනේ.
දවසක් අපෙ අම්මගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.ඒ ආවේ මට කොහොමද සනිපද අහන්න.ඒත් සීයා එහා පැත්තෙන් අමාරුවෙන් කතා කරේ.අම්ම විස්තරේ ඇහුවම සීයා කිවුවා
ආච්චිව ටිකට් කැපුවට පහුවෙනිද දවසෙම ආචිචි ගෙදරදි නැතිවෙලා.ආචිචිගේ අවසන් කටයුතු ඉවර වෙච්ච දවසෙ සීයා ජීවිතේ නැ ති කරගන්න හදලා.කොහොමහරි සීයට කරදරයක් වෙලා නෑ.ඒ හොස්පිට්ල් ඉන්න ගමන් තමයි මට කොහොමද අහන්න සීයා කතා කරේ..
දැන් ඉදලා හිටලා මං සීයට ගන්නවා.නැත්තනම් සීයා මට ගන්නවා.දැන් සීයා හිත හදාගෙන ඉන්නවා.ඒත් වචන 10 ක් කතා කරොත් 7 ක් 8 ක්ම ආච්චි ගැන කියවෙනවා.
මේ වගේ අමුතු කතා ලස්සනයිද දුකයිද කියන්න මං දන්නෑ.ඒ ආචිචි ජීවිතේ අවසාන තප්පරේ වෙනකන්ම විදින්න පුලුවන් උපරිම ආදරයක් එයාගේ මහත්තයගෙන් වින්දා.ඒ ආදරේ මට හිතුනා අලුතින් බැදපු ජෝඩුවකගේ වගේ අලුත් කියලා.ඒ ආදරේ දැන් ඉන්න අය දැකගන්නම ඔ්නි ආදරයක් කියලා හිතුනා මට.මහ රෑ මට කෝල කරලා අහනවා සීයා ඒ දවස් වල හොස්පිට්ල් එකට ආච්චිගේ විස්තර.
මේ සීයයි ආච්චියි විතරක් නෙවෙයි ආදරේ කරලා බැදලා දරුවොත් ඉද්දි ලෙඩ වුන කතා කරගන්න බැරිව ගිය හැම තැනම බට දාපු සනීප වෙන දවසක්
දන්නේ නැති හැදිච්ච ලෙඩෙිවත් අඩුම දන්නේ නැති තමන්ගෙ බිරිදව හරිම ආදරෙන් බලාගන්න ස්වාමිපුරුෂයන් මේ ලංකාවේ ඕනි තරම් ඉන්නවා කියලා මං හොස්පිට්ල් හිටිය කාලේ මට තේරුනා.මං ඇස් දෙකටම දැක්කා.🖤”
– තුසිතානි රණසිංහ