NEWS

මුව ආවරණය ගලවා තත්පර පහෙන් ඩෙල්ටා ආසාදිතයකු විය හැකියි

ඩෙල්ටා කොවිඩ් වයිරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබල සහ දරුණු වනු ඇති බවත් මුව ආවරණය ගලවා තත්ත්පර පහක කාලයකින් කොවිඩ් ආසාදිතයකු බවට පත්වීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර ‘අරුණ’ට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින බවය.

එසේම වඩාත් අවශ්‍ය වන්නේ ආහාර ද ඔක්සිජන් ද යන්න මත ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවත් කන්න නොමැතිව මිනිසුන් නොමැරුණත් ඔක්සිජන් නොමැති වුවහොත් ජීවිත අහිමිවන බව ද ඔහු අවධාරණය කළේය.

එම නිසා මෙම පවතින වසංගත තත්ත්වය සම්බන්ධව නව තීන්දු තීරණ අරගෙන රට ඉදිරියට ගෙන යා යුතු බව ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශල්‍ය ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසුවේය.