සජිත්ගේ ආර්යාවට ගෞරව නාමයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාසට ශ්‍රී සුගත ශාසනී ප්‍රසාදිනී නමින් ගෞරව නාමයක් ලැබීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
ඒ අද (17) දියතලාව කහගොල්ල පුරාණ විහාර පරිශ්‍රයේදී.
උතුම් වූ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත්, උන්නතියත් උදෙසා, ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව පරිත්‍යාගශීලීත්වයෙන්, ස්වකීය ධනය, ශ්‍රමය, උපදේශනය ලබා දෙමින් අපරිමිත මෛත්‍රී කරුණා පෙරදැරිව නිස්සරණාධ්‍යාසයෙන් සිදු කරන උදාරතර ආගමික, සාමාජීය, සංස්කෘතික මෙහෙවර අගය කරමින් ත්‍රෛනිකායේ පළාත් සංඝරත්නයේ ආශිර්වාද මත මෙම ගෞරව නාමය පිරිනමන බවයි නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.