NEWS

පලාත් අතර මාරුවීම යලිත් සීමා කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශන සංශෝධනය කර තිබේ.

ඒ අනුව විවාහ මංගල උත්සවයකට සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව 50 දක්වා අඩුකර ඇත.

පළාත් අතර සංචරණ සීමාද දැඩි කර ඇත.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචාරණය කළ හැක්කේ අත්‍යවශ්‍ය රාජකාරි වල නිරත වන පුද්ගලයන්ට පමණක් බවයි.