ජානුගෙන් ලස්සන බණ්ඩාරට පොල්ලක්!

මේ දිනවල විකාශය වන ‘ජානූ’ නමැති ටෙලි නාට්‍ය හරහා අතිශය ජනප්‍රියත්වයක් ලබාගත්, ටික්ටොක් නිළියක ලෙස ක්ෂේත්‍රයට පිවිසි කවිහාරී හපුතන්ත්‍රී නමැත්තිය තමන්ට වංචා කළ බව තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ලස්සන බණ්ඩාර පවසනවා.
ඒ, තමන් සංවිධාන කරන ප්‍රසංගයකට සහභාගී වන බව පවසා මුදල් ලබාගත් පසු කවිහාරී නමැත්තිය ප්‍රසංගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ බවට චෝදනා කරමින්.
මේ බව දැනුම් දෙමින් ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා, ‘ජානු’ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඇතුලු පාර්ශ්ව ගණනාවක් වෙත ලස්සන බණ්ඩාර විසින් යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා.