NEWS

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස දුමින්ද වැඩ භාරගනී

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද පෙරවරුවේ රාජකාරි භාරගෙන තිබේ.

එම අවස්ථාව සඳහා විෂය භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.

දුමින්ද සිල්වා මහතා අදාල තනතුර සඳහා පත් කර තිබුනේ දැනට දින කිහිපයකට පෙරය.