ලංකාවේ වගේ හොඳ සිස්ටම් එකක් ලොවෙත් නෑ – ලක්ෂ්මන් යාපා

ශ්‍රී ලංකාවේ තරම් හොඳ යාන්ත්‍රණයක් ලෝකයේ කිසිම රටක නොමැති බව වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
පුරවැසියන් දහ අට දෙනෙකුට එක් රාජ්‍ය සේවකයා බැගින් සිටින ශක්තිමත් රාජ්‍ය සේවයක් මෙරට තුළ ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.
වයඹ පළාත් රාජ්‍ය සේවයේ ශිල්පීය නොවන සේවක ගණයේ iii වන ශ්‍රේණියේ තනතුරු සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් පල කළා.