NEWS

කළුතර ආදහනාගාර පැය 24 ම විවෘත කර තබයි

කළුතර නාගොඩ මහ රෝහලේ මියගිය කොවිඩ් රෝගීන්ගේ මෘත දේහ 14 ක් ඊයේ (08) රාත්‍රියේ කළුතර දිස්ත්‍රික්කයේ ආදාහනගාර කිහිපයකදී ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.

ඒ, දිස්ත්‍රික්කයේ පැය 24 පුරා ආදාහනාගර විවෘතව තැබීමට ගත් තීරණයත් සමඟය.

කෙසේවෙතත් එක් මෘතදේහයක් ආදාහනය කිරීමෙන් පසු ආදාහනාගාර සිසිල් වීමට පැය 2 පමණ කාලයක් කාලය අවශ්‍ය වීම හේතුවෙන් කඩිනමින් මෘතදේහ ආදාහනය කිරීම ගැටලු සහගත වී තිබේ.

මේ හේතුවෙන් ආදාහනාගාරයේ සේවකයින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර නොසන්සුන් තත්ත්වයක් උද්ගතව ඇත.