දැරණියගල පනාවල සමූපකාර ඡන්දෙන් පොහොට්ටුවට විශිෂ්ඨ ජයක්

දැරණියගල, පනාවල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයට අදාළ ඡන්ද විමසීම පසුගිය 10 සහ 11 දෙදින තුළ පැවැත්වුණා.
එහිදී මහසභා නියෝජිතයින් 51 ක් තේරී පත්වූ අතර, ඒ අතුරින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජිතයින් 38 දෙනෙකුගෙන් යුතුව බහුතරය දිනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සමගි ජන බලවේගය වෙනුවෙන් නියෝජිතයින් 13 තේරී පත් වූ අතර ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එකදු නියෝජිතයෙකු හෝ තේරී පත් නොවීම විශේෂත්වයක්.