NEWS

රෝහල්වල ඉඩ නැතුව රෝගීන් ඇඳන් යට ,කොරිඩෝවල..රටම දැඩි අවදානමක

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හිටි ගමන් ඉහළ යැමෙන් ප්‍රධාන  පෙළේ රෝහල් කිහිපයක ධාරිතාවට ඔරොත්තු නොදෙන තත්වයක් නිර්මාණය වීම නිසා එම රෝහල්වල හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

බෙහෝ රෝහල කොඩි ආසාදිතයන් සඳහා පහසුකම සැලසීමට නොහැකි තත්වයක් පවතින අතර කොඩ් නිව්මෝනියා තත්ත්වයට පත්ව සිටින රෝගීන් සඳහා ප්‍රමාණවත් දැඩි සත්කාර ඇඳන් නොමැතිවීම නිසා කොවිඩ් මරණ ඉහළ යැමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද වාර්තා වේ.

උද්ගත වී ඇති මෙම වාතාවරණය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටද බලපෑම් ඇති කරන තත්ත්වයකට පත්ව ඇතැයි ද වාර්තා වේ.

කොවිඩ්-19 ආකදිතව රෝගීවන පීරිස දිනෙන් දින නොසිතු පරීදි වැඩිවීම හේතුවෙන් රජයේ රෝහල්වල කොවිච් වාට්ටු පිරී ඉතිරී ගොස් ඇති අතර රෝගීන්ට රෝහල්වල කොරිඩෝවල බිම වැතිරී සිටිමින් ප්‍රතිකාර ලබාගැනීමට සිදුව තිබේ.

කොළඹ ජාතික රෝහල, කොළඹ දකුණ (කළුබෝවීල), රෝහල, කරාපිටිය, ගම්පහ , රත්නපුර, කෑගල්ල, උතුරු කොළඹ (රාගම) වැනි රෝහල්වල කොරෝනා වාට්ටුවල එක ඇඳක රෝගීන් තුන් හතර දෙනකු සිටින තත්ත්වයකට පත් තිබේ.

මෙයින් වඩාත් බරපතළ තත්ත්වයකට පත්ව තිබෙන්නේ රාගම රෝහලයි. එම රෝහලේ කොඩ් ආසාදිතයන් පන්සියයකට ආසන්න පිරිසක් නේහ්වාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් හරී අඩකටත් වැඩි පිරිසකට රෝහල් කොරිඩෝවල බිම වැතිරී පැදුරු කඩමාලු එළාගෙන සිටින්නට සිදුව තිබේ.

කොඩ් ආසාදිතව මරණයට පත්වූ අයගේ මළසිරුරු පවා කඩිනමින් ඉවත් නොකර කොරීඩෝවේ පැය ගණන් දමා තිබෙන බව කොරිඩෝවේ සිටින රෝගීහු පවසති.

ඔවුන් පවසන්නේ තමන්ට ශරීර කෘත්‍යය කරන්නට පිරිසුදු වැසිකිළියක් වත් නැති බවයි.