NEWS

නිරෝධායන රීති කැඩූ බස් රථ රියැදුරන් පිරිසක් අත්අඩංගුවට

නිරෝධායන රීතිවලට පටහැනි ආකාරයට මගීන් රැගෙන ගිය බස් රියදුරන් 11 දෙනෙකු අද (04) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ කොළඹ නාගරික රථවාහන පොලීසිය විසින් එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.

ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.