ARTICLES

Internet පැකේජ් එකක් තොරා ගන්න කලින් මේ කරුණු 05 ගැන හිතලම ඉන්න

ඉන්ටර්නෙට් කියන එක අද වෙද්දි නැතුවම බැරි දෙයක්නේ.විශේෂයෙන්ම රටේ තියෙන මේ තත්වයත් එක්ක නිදහසේ ඉන්න වෙලාවක ඉන්ටර්නෙට් යන්න තියෙනවනම් ඒක ගොඩක් ප්රයෝජනවත් දෙයක්.හැබැයි වැඩේ තියෙන්නේ අපි නිදහසේ හිටියට මොකද ඉන්ටර්නෙට් එකට නිදහසේ යන්න පුලුවන්ද කියන එකයි .

ඉතින් ඒ නිසා අපි අද හිතුවා ඉන්ටර්නෙට් භාවිතා කරද්දි ඔයා දැනගෙනම ඉන්න ඕන කරුණු කිහිපයක් ගැන ඔයාව දැනුවත් කරන්න.

1.වවුලගෙ මඟුල් ගෙදර ගිහින් එල්ලිලා ඉන්නවද ?

අර කතාවකුත් තියෙනවනේ වවුලගෙ මඟුල් ගෙදර ගියොත් ඉන්න වෙන්නෙ එල්ලිලා කියලා.මොකද මඟුල් ගෙදර අයිති වවුලටනෙ.අපි තෝරගන්න සමහර පැකේජසුත් ඒ වගේ.ඒ අය කියන කියන වෙලාවට තමයි අපිට ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න වෙන්නෙ.

මහ රෑ 12 වෙන්නෙ කීයටද කියලා අපේ සමහරු බලාගෙන ඉන්නෙ ඒ නිසානේ..මොකද ඩේ ටයිම්, නයිට් ටයිම් කියල කොටස් කරලා තියනකොට අපිට හිතුන වෙලාවට ඉන්ටර්නෙට් යන්න බෑ..අපේ ෆ්රීඩම් එක ඒකෙන් හිර වෙලයි තියෙන්නෙ.

දවල්ට හරියන්න වෙනම පැකේජ් එකකුයි,රෑට හරියන්න වෙනම පැකේජ් එකකුයි,ඒ එක්කම ඩේටා වලට වෙනමයි ,නෝමල් කෝල්ස් වලට වෙනමයි …මේ වගේ පැකේජස් කීයක් නම් ඇක්ටිව් කරන්න වෙනවද ?

2.එනවා නම් මේ පාරෙන් එන්න..

ට්රිප් එකක් ගියත් අපි යන්නෙ ඉතින් අපිට කැමති පාරෙන්නෙ.එතකොටනේ අපිට ඕන තැන් වලට ගිහිල්ලා බලලා කියලා යන්න පුලුවන් වෙන්නෙ. ඒ වුනත් අපි තෝරාගන්න සමහර ඉන්ටර්නෙට් පැකේජස් එක්ක ඒ සෙල්ලම් බැහැ.හේතුව අපි යන්න ඕනේ මොන මොන වෙබ් අඩවිවලටද කියලා තීරණය කරන්නේ ඒ අය.

එක්කො අපිට කියනවා , මේ ගානට හරියන්න යන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ සෝෂල් මීඩියා වලට විතරයි කියලා..නැතිනම් මේ මුදලට යන්න පුලුවන් මේ කියන වෙබ් අඩවිව්ලට විතරයි කියලා..

එහෙම වුනාම වෙන්නෙ සමහර වෙලාවට ගෙදර එක්කෙනෙක් පාවිච්චි කරන්නේ සෝෂල් මීඩියා නම් එයාට වෙනම පැකේජ් එකකුයි,තවත් කෙනෙක් work from home නම් එයාට වෙනම පැකේජ් එකකුයි කියලා වෙන වෙනම සැරින් සැරේ පැකේජස් ඇක්ටිව් කරන්න වෙන එක.

ඉතින් අපිට ඕන පාරෙන් යන්න අපිට ෆ්රීඩම් එකක් නැතිනම් ඒ වගේ පැකේජස් අරගෙන නිකන් මොකටද අමාරුවෙ වැටෙන්නෙ ?

3. උපරිම වේගේ මෙච්චරයි…

සමහර පැකේජස් ලස්සනට පේන්න තිබ්බට ඒවා ඇක්ටිව් කරගෙන ඉන්ටර්නෙට් එකට යන්න ගියාම තමයි තරු පේන්නේ.මොකද ඒක හරියට හයි වේ එකක කරත්තයකින් යනවා වගේ වැඩක්..නිකමට එහෙම දෙයක් හිතලා බලන්නකෝ.දෙන්න පුලුවන් කම තිබ්බත් හරිම ස්ලෝ එකෙන් තමයි එතකොට අපිට ඉන්ටර්නෙට් යන්න හම්බවෙන්නෙ.

එහෙම වැඩක් නෑනේ..විනාඩි 5 න් කරගන්න තියෙන වැඩේට අපි මොකටද පැයක් තිස්සේ කට්ට කන්නේ..ඒ නිසා ඉන්ටර්නෙට් පැකේජ් එකක් තොරා ගනිද්දි වේගය ගැනත් අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න.

4.නිතරම කඩේ දුවන්න සිදුවීම

සමහර වෙලාවට ඉන්ටර්නෙට් පැකේජ් එකක් තෝරගනිද්දි ඉක්මනටම ඩේටා ඉවර වුනොත් අපි ලඟම තියෙන කඩේට දුවන්න ඕන කාර්ඩ් එකක් හරි රී ලෝඩ් එකක් හරි දාගන්න. මේ දවස්වල කඩේ යනවා කියන එකත් එපා වෙන දෙයක්නේ.මොකද වෙනම ඇඳුමක් දාගෙන,මාස්ක් එකත් දාගෙන,සැනිටයිසර් එකත් අරගෙන හරි පරිස්සමට තමයි යන්න වෙන්නෙ.

එහෙම බැලුවම මාසෙකට පස් හය පාරක් කඩේ යන එක ඇත්තටම අවදානම් සහගත වැඩක්.

ඉතින් කාර්ඩ් සහ රීලෝඩ් කියන අවස්ථා දෙකට සීමා නොවී තවත් ක්රම වලින් පැකේජ් එක තෝරාගන්න අවස්ථාවක් තියෙනවනම් ඒක කොයි තරම් නම් හොඳයිද ?

5. ඉතින් මෙහෙම කට්ට කන්නෙ නැති පැකේජ් එකක් තියෙනවද ?

මේක තමයි ඔයාලට අන්තිමටම එන ප්රශ්නේ.මේ ප්රශ්නෙට උත්තරය තමයි ඔවු..මොකද දැන් ඔන්න ෆ්රීඩම් පැක් එකක් හඳුන්වලා දීලා තියෙනවා.කිසිම සීමාවක් නැතුව නිදහසේ ඇතිවෙනකල් උපරිමයෙන් ඉන්ටර්නෙට් යන්න මේ පැක් එකෙන් අවස්ථාව තියෙනවා.

එයාර්ටෙල් තමයි මේ ෆීඩම් පැක් එක හඳුන්වලා දීලා තියෙන්නේ.දවල්ද රෑ ද කියලා අදාළ නෑ.ඒ වගේම අර සයිට් එකට විතරක් යන්න,මේකට යන්න එපා වගේ සීමා කිරීම් මේ පැක් එක ඇතුලේ නැහැ.

කාර්ඩ්පත් ,රීලෝඩ් වලින් විතරක් නෙවෙයි මයි එයාර්ටෙල් ඇප් එකෙන් වගේම ඩයල් කරලත් පැකේජ් එක ඇක්ටිව් කරගන්න පුලුවන්.අනික තමන්ගේ අවශ්යතාවයට අනුව තෝරාගන්න පැකේජස් වර්ග කිහිපයක්ම තියෙනවා .

ඔයාට මාසෙටම එක රීලෝඩ් එකක් දැම්මම හොඳටම ඇති.මේ ඔක්කොම දේවල් ටික ඒ රීලෝඩ් එකෙන් කරගන්න පුලුවන්.ආයෙ වෙනම ඩේටා වලට වෙනමයි,නෝමල් කෝල්ස් වලට වෙනමයි කියලා පටලව ගන්න ඕන වෙන්නෙ නෑ.

මේ ගැන පහතින් තියෙන වීඩියෝව නැරඹුවොත් ඔයාටත් අදහසක් ගන්න පුලුවන් වේවි.

I