NEWS

රිෂාඩ් ගේ මස්සිනා අපහරණය කළ තවත් කාන්තාවක් ගැන තොරතුරු හෙළිවෙයි

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සහෝදරයා විසින් තවත් 29 හැවිරිදි කාන්තාවක් ලිංගික හිංසනයට ලක්කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තමාව අතවරයට ලක් කළ බවට අදාළ කාන්තා විසින් ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසුවේ.

ඇය රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ 2009 – 2010 කාලයේදී සේවය කර ඇති බවද අනාවරණය වී තිබේ. කැලණිය ප්‍රදේශයේ යම් ස්ථානයක සේවයේ යෙදී සිටියදී ඇය ඊයේ (01) මෙම ප්‍රකාශය ලබාදී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.