NEWS

දරුණුම කොවිඩ් අවදානම ඉදිරි මාස කිහිපයේදී – මහාචාර්ය මලික් පිරිස් අ’ නතුරු අඟවයි (VIDEO)

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් සඳහන් කරයි.

නව ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයිද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද තමන් අවධාරණය කරන බවද ඔහු පැවසුවේ.

ඉදිරි සති කිහිපය ඇතුගත ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවන බව ද ඔහු අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සිදුවන වේගවත් එන්නත්කරණය සම්බන්ධයෙන් රජයට හා මහාචාර්ය චන්න ජයසුමනට තමන් ස්තූතිවන්ත වන බවද පවසන ඒ මහතා ඉතිරි මාසයන්හි දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 2 ලබා ගැනීම පවා ප්‍රමාණවත් නොවනු ඇතැයිද අනතුරු ඇගවීය.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේ.