NEWS

පුසාරිගේ අමුතු සෙත් ශාන්තිය

සෙත් ශාන්තියක් සිදුකර ගැනීමට කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලකට ගිය දැරියක් ලිංගික අපයෝජනයට ලක්කළ බව පැවසෙන පූසාරිවරයෙක් සොයා කුලියාපිටිය පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

15 හැවිරිදි බෝහිංගමුව ප්‍රදේශයේ පදිංචි අදාළ දැරිය ප්‍රේම සබඳතාවකින් ගලවාගැනීමට ඇගේ මව විසින් පසුලිය 26 වනදා කෝවිල වෙත කැටුව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පූජකවරයා විසින් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර තිබේ.

සැකකාර පූසාරිවරයා මේ වන විට ප්‍රදේශය අතහැර පළාගොස් ඇති අතර කෝවිල ද වසාදමා ඇති බව සඳහන්.

සැකකාර පූසාරිවරයා පිළිබඳ පොලීසිය හෙට (02) දිනයේදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමතයි.