NEWS

දින 07ක් පුරා අතුරුදහන්ව සිටි සිසුවා හමුවෙයි

අතුරුදන්ව සිටි රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවා අද සවස සොයාගෙන තිබෙනවා.

කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී එම දරුවා පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ.

මීට පෙර එම දරුවා සිරිපා වන්දනා කිරීමට වාර්තා වු බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ගමන් මල්ලක් ද සහිතව පොලිස් භාරයට ගත් දරුවා පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව ප්‍රකාශ කර සිටියා.

නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති එම දරුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව පවසමින් දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් එම දරුවා නිවසින් බැහැරව යන ආකාරය අසල වු CCTV කැමරාවක ද සටහන්ව තිබුණා.

මේ වන විට දරුවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා රත්නපුර පොලීසිය වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.