NEWS

බැසිල් වෙනුවෙන් අස්වන බව කියූ තුන් දෙනෙකු තවමත් හැංගිලා

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු ලෙස දිවුරුම් දීමට මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීම මගහැරි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරුන් තිදෙනකු තවමත් එම පක්ෂයේ නායකයන් මග හරිමින් සිටින බව වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නේ නම් තමන් ඕනෑම අවස්ථාවක මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බව පවසමින් සිටි කීප දෙනකු පසුව යහපත් ප්‍රතිචාරයක් නොදක්වා ඊට මග හැර ඇත.

ඒ ගැන පොදු ජන පෙරමුණේ ඉහළ පෙලේ ක්‍රියා කාරිකයන් දැඩි කනස්සල්ලකින් සිටින බව ද දැන ගන්නට ඇත.

මින් එක් මන්ත්‍රී වරයකු ඉල්ලා අස්වීම මග හැර ඇත්තේ ඉල්ලා අස් වීමෙන් පසු මහ බැංකුවේ අධිපති ධුරය ලබා දෙන බවට රජය පාර්ශ්වයෙන් පොරොන්දුවක් නොලැබීම නිසා යැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආරංචි මාර්ග වලින් පැවසේ.