“උබ වගේ බූ රුවෙක්! මුවෙක්වත් හරියට ඇඳගන්න බැරිද?” – දෙමාපිය ඔබ කියවිය යුතු ම කතාවක්

“මං පොඩි කාලේ එක්තරා රේඩියෝ චැනල් එකකට නිතර කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඒ දවස් වල චැනල් එකේ හැම නිවේදකයෙක්ට ම වගේ මගේ නම හුරුයි. අම්මා ලියලා දීපු News script එකක් කියවන හැටි තාත්තා කැසට් එකක රෙකෝඩ් කරලත් තිබුණා. මගේ රේඩියෝ කතාව නැවතිච්ච හැටි මට තාම මතකයි. මොකක් හරි ප්‍රශ්නෙකට හරිම උත්තරේ දීලා මං ඒක දිනලා තිබ්බා. දිනුවට මට හම්බෙන්නේ ලොකු පොත් පාර්සලයක්. මාස ගාණක් බයිසිකලයක් ගෙදර ඉස්සරහ බෙල් එක ගහන වාරයක් වාරයක් ගානේ මං කොහේ හිටියත් පෙරලන් එළියට දුවගෙන ආවේ මගේ පොත් පාර්සලේ ඇවිත් ද බලන්න. දවසින් දවස මං ගාව හිටපු ෆෝවර්ඩ් මනුස්සයා මැරිලා ගියා !
මාස ගාණකට පස්සේ එකම එක පොතක් තැපෑලෙන් ආවා. ඒකේ පළවෙනි පිටුවේ ” — ළමා ගුවන් විදුලියෙන් පුංචි පුතුට තිළිණයකි” කියලා සටහනකුත් තිබුණා. ආයේ කවදාවත් ඒ චැනල් එකට කතා කරන්න හිත හදාගන්න බැරි උණත් මං ටිකෙන් ටික recover වෙන්න ඇති. මෑතක දි ඒ පොත අපේ අම්මා ම මගේ නමට එවපු එකක් කියලා දැනගන්නකම් මං ඒක රේඩියෝ චැනල් එකෙන් ම එවපු එකක් කියලා මං විශ්වාස කළා.
කොහොම උණත් මං මේකෙන් ඉගෙනගත්ත වටින පාඩමක් තියනවා. කවදාවත් පොඩි උන්ගේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා !
කවුරු හරි පවුලේ හිතවතෙක්ගෙන් ඔයා අරං හදාගත්ත ළමයෙක් කියලා කිව්ව ම ඒක ඇත්ත ද කියලා දැනගන්න එක එක්කෙනාගෙන් කරුණු අහන පොඩි උන් මට හම්බෙලා තියනවා.
ඔයා කළුයි වඳුරෙක් වගේ කියලා කිව්ව ම කඳුළු පෙරන් කණ්නාඩියෙන් බලන් ඉන්න කාටවත් නොපෙනෙන්න අඬලා මුළු සමාජෙට ම වෛර කරන පාපතරයෙක් වෙච්ච කතාවක් මං අහලා තියනවා.
දේවානම්පියතිස්ස මුවා පස්සේ එළවනවා ඇඳපු චිත්‍රෙකට මුවා නෙවෙයි මේ ඉන්නේ උබ වගේ බූ රුවෙක් මුවෙක්වත් ඇඳගන්න බැරිද කිව්වට පස්සේ ආයේ කවදාවත් චිත්‍ර පොතක් ඇල්ලුවේ නැති කෙලි පොඩ්ඩියක් මං අඳුරනවා.
මං දන්නවා ඔයාලා දන්න මේ වගේ කතා ඕනි තරම් තියනවා . මට අවසානෙට කියන්න ඕනි මෙච්චරයි !
පුංචි එකෙක්ට කියන හැම වචනෙකට ම ඔයාලා නොහිතන තරම් බරක් තියනවා. ඔයාගේ වචනෙකට පුළුවන් අනාගතේ ලෝකේ හොල්ලන්න පුළුවන් පෞරුෂයක් උණත් කීතු කීතු කරලා දාන්න.
පුංචි උන් එක්ක ආදරෙන් පරිස්සමිං කතා කරන්න !”
– Amesh Udesha Pahalagama