NEWS

ගෘහස්ත විදුලි රැහැන්වල මිල 11%කින් අඩු කෙරේ

අගෝස්තු 1 වන දා සිට ගෘහස්ත විදුලි රැහැන්වල මිල 11%කින් අඩු කිරීමට සියලු නිෂ්පාදන සමාගම් එකඟතාව පළ කළ බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ, රටේ සම්පූර්ණ ගෘහස්ත විදුලි රැහැන් වයර් නිෂ්පාදනය දේශීය කර්මාන්ත සිදු කරන අතර එම කර්මාන්ත අපනයන වෙළෙඳපොළ සඳහා ද දායක වන බවය.

මෙම රැහැන් නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යක් වන තඹ ආනයනය කරනු ලබන අතර මෙට්‍රික් ටොන් එකක් ඇ..ඩො. 5,000 සිට 10,000 දක්වා වැඩි වූ බැවින් ගෘහස්ත විදුලි රැහැන් මිල ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, නිෂ්පාදන සමාගම් සමග පැවති සාකච්ඡාවේදී එම සමාගම් ඉදිරියේදී සිය නිෂ්පාදනවල මිල වැඩි නොකිරීමටත් දැනට තිබෙන උපරිම සිල්ලර මිලෙන් ඔවුන්ගේ නිෂ්පාදනවලින් 90%ක ම නිෂ්පාදන වර්ගවල මිල 11%කින් ද එක් නිෂ්පාදනයක් පමණක් 5% කින් ද මිල අඩු කිරීමට එකඟතාව පළ කර තිබේ.

අදාළ මිල ගණන් පහතින් දැක්වේ.